සොඳුර නුඹ ලිහිනියක
රත්න ශ්‍රී විජේසිංහයන් අතින් කැටයම් වුනු තවත් අපූරු ගීතයක් වන මෙම ගීතයගුණදාස කපුගේ ශූරීන් සංගීතවත් කර ගායනා කරන ලද ගීතයක්...මෙය විරහ ගීතයක් වූවාට ටිකක් වෙනස් ආකාරයේ විරහ ගීතයක් . මොකද පෙම්වතුන් දෙදෙනෙක් වෙන්වීමේ සිදුවීමක් නොවේ මේ ගීතයෙන් කියවෙන්නේ.. මේ ගීතයෙන් කියවෙන්නේ විවාහපත් වූ දෙදෙනෙක් එකිනෙකාගෙන් දුරස් වීම හේතුවෙන් ඇති වූ විරහවක්.කපුගේ විසින් සංගීතවත් කරන ලද අනෙක් ගීතයන් මෙන්ම මෙම ගීතයද ගීතයේ අරුතට ගැලපෙන අයුරින් තනු නිර්මාණය කර තිබෙනවා .මේ ගීතයට හේතුපාදක වූ කතාව මම කෙටියෙන් කියන්නම් .
මයුර සංදේශයේ අපූරු කවියක් තිබෙනවා මේ ගීතයට පාදක උන....
ගසා කරින් සක්වා වෙන් කළ පවින
නිශා පියඹ සහ තුරු පිරිවර ගියෙන
සසා වෙසින් දුමුරස වෙමිනි එම දින
සසාදරහු බල ඵල ලද උදෑසන
'කරින්' කියන්නෙ 'රශ්මියෙන්'. 'සක්වා ' කියන්නේ සක්වා ලිහිනියන්ට . රශ්මියෙන් පහරදීලා සක්වාලිහිනියන් වෙන් කළා කියලා තමා මේ කියන්නේ.' වෙන් කළ පවින ' ඒක පවක් .. පවක් කරල තියනවා. කවුද .. හඳ තමා මේ පව කරලා තියෙන්නේ .. සක්වාලිහිනින් කියන කුරුල්ලන් සාමාන්‍යයෙන් ඉන්නෙ යුගල වශයෙන්.දහවල් කාලයේදී යුගල වශයෙන් ඉදලා ඉර බැස යන සැන්දෑ වේලාවේදී මේ දෙන්නා වෙන් වෙනවා.වෙන්ව් එලා ගඟේ දෙපැත්තට ගිහිල්ලා දැපැත්තෙ ගස් දෙකක මූණට මූණ බලාගෙන එලිවෙනකම් හඬනවා. ඔය සිද්ධිය තමා මේ කවියා කියන්නේ.ඒක වෙන්නෙ කොහොමද ..'ගසා කරින් සක්වා වෙන් කළ පවින' සඳ පායනකොට තමා මේක වෙන්නේ.රශ්මියෙන් පහරදීම නිසා තමා මේ දෙදෙනා දෙපැත්තට යන්නේ..'නිශා පියඹ සහ තුරු පිරිවර ගියෙන' නිශා පියඹ කියන්නේ රාත්‍රිය නැමැති කාන්තාව.කාන්තාවයි ' තුරු පිරිවර ගියෙන ' තාරකා පිරිවර යි යන්න ගියා යන්න. ඒ කියන්නේ රාත්‍රිය ගෙවුනා කියලා තමා මේ කියන්නේ.. ' සසා වෙසින් දුමුරස වෙමිනි එම දින ' ඔන්න දැන් සක්වාලිහිනින් වෙන් කළ හඳට, පව් පලදෙන වෙලාව..හඳට මොකද වෙන්නේ.. හාවෙක්ගේ වේශයෙන් දුඹුරු පාටට හැරෙන්න ගන්නවා හඳ..' දුමුරස වෙමිනි එම දින ' ' සසාදරහු බල ඵල ලද උදෑසන ' 'සසාදරහු බල' බලන්න හඳ දිහෑ ..'ඵල ලද උදෑසන' උදෑසන මොකක්ද වෙලා තිබෙන්නේ කියලා ..
ඔය වගේ එක් කාලෙක තිබුණු ආණ්ඩුවක් රත්න ශ්‍රී විජේසිංහ මහත්තයට ඔය පවම කලා ..රත්න ශ්‍රී මහත්තයා ගුරුවරයෙක් ලෙස වැඩකරපු 80 දශකයේ මුල් භාගයේදී එවකට පැවති රජය හිතක් පපුවක් නැතිව මොණරාගල අති දුෂ්කර ගමක පාසලක සේවයට එතුමාව පිටත්කර හරිනවා . මේ කාලය මෙතුමා විවාහපත්වූ අලුත .. එතුමාගේ ලොකු දුව පමණයි හිටියෙ .. මොණරාගල වැනි නන්නාදුනනා පළාතකට මේ දෙදෙනාව එක්කගෙන යන්න හැකියාවක් රත්න ශ්‍රී මහත්තයට තිබුනෙ නෑ. ඉතින් මෙතුමා තනියම යනවා මොණරාගලට ..ඒ ඉන්න අතරේ ඉතින් රත්න ශ්‍රී මහත්මයාට සිහිවෙනවා ..මේකත් හරියට අර සක්වාලිහිනින්ගේ කථාව වගේ කියලා.. අර සඳ කිරණ සක්වාලිහිනින් දෙදෙනාව වෙන්කලා වගේ.. රජය මට දැන් මේක කරලා තිබෙනවා ..
1. සොදුර නුඹ ලිහිනියක
2. රැයේ අඳුරට හඬන
' සොදුර .. නුඹ හරියට සක්වාලිහිනියක් වගේ .. ගගේ ඉවුරු දෙකේ මෙන් ඈත සිටන් අදුරට හඩන .. ' රැයේ අදුරට හඩන ' අප වෙන්කළ සමාජයේ කෘර බව නිසා හඬන..
3. මමද ලිහිණියකු වෙමි
4. කැඩුණු තටු පිරිමදින
'මමද ලිහිණියකු වෙමි' මමත් ලිහිනියක් තමා ' කැඩුණු තටු පිරිමදින' හැබැයි මගේ තටු කඩලා...නිහඬ කරලා .. කවුද .. මාව දුශ්කර සේවයට දැම්ම පිරිස් .. තටු කැඩුවට පස්සෙ ඉතින් කරන්න දෙයක් නෑ ගඟ එගොඩට එන්න හැදුවත් එන්න බෑ .. 'කැඩුණු තටු පිරිමදින ' දැන් ඉතින් කරන්න දෙයක් නෑ ..තටු පිරිමැදීම විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ..තටු පිරිමැදීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද ... නැවත සුවපත් වෙයි කියන එක .. ඒ කියන්නේ කවදා හරි තම ගමේ පාසලේ පත්වීමක් තවමත් බලාපොරොත්තුවෙන් සිටිනා වග නොවේද ..
5. අහිංසක අප දෙදෙන
6. තටු කඩා මේ ලෙසින
7. සිදී ගිය ගඟ දෑල
8. හැර දැමූයේ කවුද
අහිංසක ලෙස ජීවිතය ආරම්භකිරීමට මගබලා සිටි මේ දෙදෙනා මේ විදිහට තටු කඩා දාලා .. රජය ගමේ පත්වීම දෙනකම් දෙදෙනාට ආයේ එකතු වෙන්න බෑ..'සිදී ගිය ගඟ දෑල' ගගක් හිදුනා ඒ වූ මේ අති දුශ්කර පලාතේ ..' හැර දැමූයේ කවුද ' අතෑරලා දැම්මේ කවුද?..රචකයා ප්‍රශ්න කරනවා හැබැයි කවදාවත් කෙලින් කියන්නේ නෑ කවුද මේක කලේ කියලා ... කැලයක ඉන්නා වනසතුන්ට ජලය ලබාදෙන විශාල ගගක් සිදුනාම වනසතුන්ට වන පීඩාව පොඩ්ඩක් හිතලා බලන්න. රචකයා කියන්න උත්සාහ කරන්නේ .. දුශ්කර නොවන පලාතක ජීවත් වූ මා වැනි පුද්ගලයෙක්ට එකවර මේ වාගේ දුශ්කර පළාතක ජීවත් වීමට සිදුවූ විට සිදුවන අපහසුතාවය යි .
9. සඳට දොස් නොකියන්න
10. සඳ කුමක් කරන්නද
මයුර සංදේශ කවියා ප්‍රකාශ කල අකාරයට සඳ තමා මේ වෙන්කිරීම කරලා තිබෙන්නේ .. ඉතින් රත්න ශ්‍රී මහතා කියනවා .. මයුර සංදේශේ එහෙම කිව්වට සඳ කුමක් කරන්නද ..සඳට දොස් පටවලා වැඩක් නෑ..මේක සැලලිහිණින්ගේ ජීවිතේ හැටි... මෙතුමා මේ නොකියා කියන්නේ..රජයට දොස් කියන්න එපා කියලා ..
11. බාල වයසින් මැරුණ
12. ප්‍රේමයකි තරු එලිය
'බාල වයසින් මැරුණ' අකාලයේ බිඳී ගිය 'ප්‍රේමයකි තරු එලිය ' ප්‍රේමය තමා මේ තරු එලිය වශයෙන් තිබෙන්නේ .. මෙතන ප්‍රේමය බිදී ගියා කියන වචනයේ තේරුම පරිදි රත්න ශ්‍රී මහත්මයාගේ ප්‍රේමය බිදී ගිහිල්ලා නෑ.. මෙතන කතා කරමින් හිටියේ .. සක්වා ලිහිනින් ගැනනේ ..සක්වා ලිහිනින්ගේ ප්‍රේමය බිදී ගිහිනුත් නෑ .. මෙතන සඟවා ප්‍රකාශ කරන්නේ ..තරු අහසේ ගනන් කරන්න බැරි තරම් තිබෙනවානේ.. ඒ වගේ විවාහපත් වෙලා දරු මල්ලන් දමා දුර සේවයේ යෙදෙන පුද්ගලයින් කොපමණ සිටින්නට ඇතිද ..ඉන්නවා ඇතිද .මෙසේ විවාහපත් වෙලත් එක වහලක් යට නොමැති සැමියන් කොපමණ අතිද... කියලා තමා .. ඔබට අවශ්‍යනම් කුමන ආකාරයෙන් මේ ගීතය රසවින්දත් කමක් නෑ... හැබැයි මේක තමා ගීතයේ සැබෑ යටගියාව ..
13. කටුක දුක් විරහ මැද
14. අතරමං වී ගියද
15. අපි තවම පෙම් කරමු
16. අපේ ජීවිත වලට
මේ වගේ දැඩි විරහවන් මැද ජීවිතය අතරමං උණාට ... අපි තවම පෙම් කරනවා අපේ ජීවිත වලට .. මේ කියන්නේ විවාහය මෙතනින් කෙලවර වෙන්නේ නෑ .. අපි තාමත් ආදරය කරනවා ..ඈත ඉදන් උවත් .. කියලා තමා ..
17. කියාදෙමු පියඹන්ට
18. අපි අපේ පැටවුන්ට
19. නිදහසේ තටු ලැබුණ
20. කුරුල්ලන් වී දිනෙක
'කියාදෙමු පියඹන්ට ' අපිට පියඹන්නට බැරි උනාට... ඒ කියන්නේ අපිට නිදහසේ එකතු වෙලා ජීවත් වන්නට නොහැකි වූවාට ...නිදහසේ ජීවත් වන ආකාරය අපි කියා දෙමු අපේ ලමයින්ට 'අපි අපේ පැටවුන්ට' .. ' නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක' අපි දවසක එක් වේවි .. එතකොට අපට නිදසේ තටු ලැබුනා ආගේ තමා .. එතකොට අපි දරුවන්ට මේ පාඩම කියා දෙමු .. කොහොමද ජීවිතයේ කටුක දුක් මැද එකට ඉන්නේ ..කියලා තමා රචකයා කියන්නේ .. දරුවන්ගේ සුභ සිද්ධිය තමා මේ කොටසින් ප්‍රාර්ථනා කරන්නේ .. සමහර විට රචකයාට තම අඹු දරුවන් මොණරාගලට ගෙනයාමට නොහැකිවූයේ මුදල් ප්රශ්නය නිසා වෙන්න පුලුවන් .. ඉතින් මෙම කොටසින් රචකයා කියන්නේ .. තමාට ඕනා ආකාරයෙන් ජීව්ත් වීමට පරිසරයක් අපි දරුවන්ට සකසලා දෙන්න ඕනා කියන පණිවිඩය ...
මෙම විචාරයේ පාදක කථාව සදහා විශේෂ ස්තූතිය රත්න ශ්‍රී විජේසිංහ මහත්මයාට හිමිවිය යුතුයි ...
අදහස් තිබේනම් කමෙන්ට් කරන්න ..
Sunday, September 14, 2014
දවසක් පැල නැති හේනේ ..
සිංහල පද වලින් ලියවුනු මම දකින හොඳම මව්ගුණ ගීතය තමා දවසක් පැල නැති හේනේ .. කියන ගීතය.මෙම ගීතය නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න ගේය පද රචකයා අතින් සත්‍ය පසුබිමක් මත ලියවුණු විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කොට ගායනා කරන ගීතයක් ..
මේ ගීතය පහත ජනකවිය ආශ්‍රිතව නිර්මාණය වූවක්.
මල්ලී මමයි අකුරට යන වෙලාවේ
කළු කරගෙන ආවයි වැහි වලාවේ
මුවා වෙන්න ගසකුත් නැති වෙලාවේ
පමා වෙලා වැහැපන් වැහි වලාවේ
කලු වැහි වලාව කියන්නේ ඉගෙනගන්නවාට එරෙහිව ආපු භාදක සමූහයට.. මෙම ගීතය රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා රචනා කොට තිබුනේ පද හතරේ කවි විදිහට කවි 12 ක් . කපුගේත් රන්බණ්ඩාත් දෙදෙනා බොරැල්ලේ YMBA නේවාසිකාගාරයේ හිටිය කාලෙ තමා මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ.. මෙම පද 4 රේ කවි දොලොස පද හයේ ගීතයක් බවට සංස්කරණය කරගන්න කපුගේ දැක්වූ දක්ෂතාවය අගය කළ යුත්තක් . මෙය ගුණදාස කපුගේ ශූරීන්ගේ කලාත්මක දක්ෂතාවය මතු කොට දක්වන්නක්
දවසක් පැල නැති හේනේ අකාළ මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
..රන්බණ්ඩා මහතා දැන් අපි අතර නැති උනත් ඔහු නුවර කලාවියට අයිති පුද්ගලයෙක්.ඒ නිසා මේ ගීතයේ අද්දැකීමත් නුවර කළාවියට අයිතියි . රන්බණ්ඩා සෙනෙවිරත්න මිහින්තලේ ඉදලා හැතැම්ම හතක් එහා තියෙන මරදංකල්ල කියන ගමේ තමා උප්පත්තිය ලබන්නේ..නුවර කළාවිය කියලා කියන්නේ නුවර වැවයි , කලා වැවයි , පදවිය වැවයි කියන මේ වැව් තුනෙන් පෝෂණය වන පෝෂක ප්‍රදේශයට .ඒ කාලෙ නුවර කලාවියට මහවැලිය ගිහින් තිබුනෙ නෑ . ඒක නිසා ඒ කාලෙ මිනිස්සුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ වියලි ගොවිතැන් කරන එක.. වියලි ගොවිතැන් කරනා විට හේන අවුරුදු 5 ක් 6ක් කරන කොට ඒ හේන නිසරු වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන් ඒක දාලා වෙනත් හේනකට යනවා.හැබැයි මේගොල්ලෝ අලුත් හේනෙ තමා පැලක් හදන්නේ , පරණ හේන නඩත්තු කරන්නෙ නෑ . ඒක අභාවයට යනවා .නමුත් පරණ හේනේ තාමත් බටු ,මිරිස් වාගෙ දේවල් වැවෙනවා .නඩත්තු කලේ නැති උනත් පරණ හේනට ගිහිල්ලා මේවා කඩාගෙන එන සිරිතක් තියනවා. ඉතින් ඒ ඒවගේ පැලක් නැති පරණ හේනට අම්මා සමග ගිය වෙලේක තමා මේ සිද්ධිය වෙන්නේ.මොකද වෙන්නේ අකාල මහා වැසි වසිනවා. අම්මා මොකද කරන්නේ ' තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ ' අම්මා දරුවව තුරුලේ හංගාගෙන අම්මා වැස්සට මුහුණ දෙනවා දරුවාව නොතෙමී තියාගන්න.. ' පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ ' අම්මා මොකද කරන්නේ වැස්ස පායනකම් දරුවාව තුරුලු කරන් එක අඩියක් වත් ඉදිරියට තියන්නේ නැතුව එක තැනම ඉන්නවා .
මේ පද පේලියේ මතුපිට වචනාර්ථය ඕක.. හැබැයි මේකේ වචන යට මහා ව්‍යංගයක් සැඟවිලා තිබෙනවා . ඇත්තටම මෙතන පැලක් නැති හේන කියන්නේ මොකකටද .. පියා නැති ගෙදරත් හරියට පැලක් නැති හේනක් වගේ.. දරුවන්ට වැසි සුලං වලින් , ආර්ථික පැත්තෙන් ආරක්ෂාවක් නෑ.. ගෙදර පාලුයි හරියට අර අතෑරල දාපු හේන වගේ.. මේ පියා නැති ගෙදරට දුප්පත් කම, අගහිග නැමැති මහා වැස්ස ඇද හැලෙනවා...කොහොමද ඇදහැලෙන්නේ .. අකාලයේ ... රණ්බණ්ඩා මහතාගේ පියා අකාලයේ වෙන්වීයාම නිසා තම පවුලට අකාලයේ ඇද හැලෙන වර්ෂාව අම්මා ඔහුට දැනෙන්න දෙන්නේ නෑ .. අම්මා තම දරුවාව තුරුලේ හංගාගෙන දුප්පත් කම නැමැති වරුසාවට තෙමෙනවා.. දරුවාට අගහිග කම් දැනෙන්නට නොදී. 'පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ ' අම්මාට ඔන්නම් දෙවැනි විවාහයක් ගැන හිතන්න තිබුණා , නමුත් දුප්පත් කම නැමැති වැස්ස පායනකම් එනම් රන්බණ්ඩා මහතා ඉගෙනගෙන ආර්ථිකය ගොඩනංවාගන්නකම් අම්මා දෙවැනි විවාහයක් සිදු නොකරම හිටි පියවර හිටියා...
නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහේ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ
මෑත කාලයේ ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස්කිරීමට මුල්වුණු සිද්ධි කාරණා දෙකක් තියනවා . පලමුවැන්න තමා 1944 දී සම්මත වී 1947 දී ක්‍රියාත්මක වුනු නිදහස් අධ්‍යාපන පනත. අනෙක තමා 1956 දී ක්‍රියාවට නැගෙන ස්වභාෂා අධ්‍යාපන පණත .. පලමුවැන්නෙන් මිනිසුන්ට නොමිලේ ඉගෙනෙගන්න ලැබෙනවා , දෙවැන්නෙන් තමාගේ මව් භාශා වන සිංහලෙන් හා දෙමලෙන් ඉගෙනගන්න ලැබෙනවා.. මේ නිසා ගම් වල සිටින තරුණ පිරිස් නගරයට කේන්ද්‍ර වෙනවා අධ්‍යාපනය සොයාගෙන සහ රැකියා සොයාගෙන..මේ එනකොට ගමේ තියෙන සම්පත් පොදි බැඳගෙන තමා එන්නේ.. මොනවද ගමේ තියෙන සම්පත්... මිල මුදල් නෙවේ.. නිර්ව්‍යාජත්වය , අවංක කම , අන්‍යෝන්‍ය සහයෝගය , කරුණාව .. කොටින්ම කියනවනම් මනුස්සකම් කියන ඒවා.. මේ ගැන මහගමසේකර කවියා මෙහෙම ලියනවා
සිදාදියට එන්නට මට බුද්ධිය ඔබ තමයි එදා පාර කියා දුන්නේ
ගමෙන් උරුම වූ වස්තුව පොදි බැඳ කර කරතියාගෙන
ඔබෙ බහට රැවටිලයි සිදාදියට ආවේ
ඒ එනකොට ගෙන ආ දෙය වියපැහැදම් කලා මිස
මෙහිදී අලුතෙන් ඉපයූ කිසිම දෙයක් නැත්තේ
අම්මේ මට ගමට එන්න පාර කියාපන් ..
ඔන්න මේ ගීතය ලියන දවසක් පැල නැති හේනේ වැස්ස වැස්සට අම්මා විසින් තෙමෙන්න නොදී රැකගත්ත මේ රචකයාත් දවසක නගරයට එනවා අම්මව ගමේ තනි කරලා.. නගරයෙත් වැස්සක් වහිනවා.. ' නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුන දා' නුවර වීදි යටකටගෙන වහින්නේ සාමාන්‍ය වැස්සක් නෙවෙයි.නින්දා අපහාස ගොඩක් තමා තමා මේ වැස්සක් වගේ ඔහු මතට පාත්වෙන්නේ..එදා වැස්සෙන් බේරගන්න තමාගේ ආදරණීය අම්මා හිටියාට.. දැන් නගරයේ ඉන්නේ තමා සහ බිරිඳ පමණයි .. දැන් බිරිඳට හැකි වේවිද මෙයාව නින්දා අපහාස වරුෂාවෙන් ගලවා ගන්න. මොකද වෙන්නේ ... ' බිරිඳකගේ සෙනෙහේ ගියා යෝධ ඇලේ නැම්මේ..' යෝධ ඇල හෙවත් ජය ගඟ ඔබ දන්නවා .. කලා වැවයි තිසා වැවයි සම්බන්ධ කරන වාරි මාර්ගය තමා යෝධ ඇල කියන්නේ.. මේකෙ බැස්ම හැතැම්මට අගල් 6 යි.. අනුක්‍රමණය කුඩා නිසා මේ යෝධ ඇලේ වතුර බහින්නේ නෑ වගේ තමා පේන්නේ බහින්නේ හරි හිමීට.ඉතින් නින්දා අපහාස වැසි වසින මොහොතේ ඒවා විශ්වාස කරලා බිරිඳ ගේ සෙනෙහසත් අර යෝධ ඇලේ වතුර බසින්නාක් මෙන් නොදැනීම අඩුවෙලා ගියා.. මේ වෙලාවෙ තමා රචකයාට අම්මාව මතක් වෙන්නේ මහා වරුසාව මැද වුවත් නොසෙල්වේ හිටි අඩිය එහෙම්මම තබාගෙන මාව ආරක්ෂා කරපු අම්මාගේ සෙනෙහස දැන් මතක් වෙනවා.අම්මාගේ ආදරය නැවත වාරයක් දැනෙන්න පටන් ගන්නවා.. රචකයා මෙහෙම කියනවා ..' ඔබෙ එනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ ' කොහොමද සෙනෙහස දැනුනේ ...' සුවඳ දිදී ...'
කොළඹ අහස කළු කරගෙන මුහුදු හුලග හඬලන කොට
ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ..
මොහු දැන් දන්නවා වැස්ස එතනින් ඉවර වෙන්නෙත් නෑ . දැන් රචකයා ඉන්නේ කොළඹ .කොළඹ අහස ගැන කාටවත් අනාවැකි කියන්න බෑ කොයිවෙලේ වැස්ස කඩා හැලෙයිද දන්නෙ නෑ..' කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට ' . වැසි දෙකකට තෙමුන රචකයා වැස්ස එන්න හදනකොට දන්නවා .. රචකයාට නුවර ඔටුන්නක් හම්බවෙලා තියෙන්නේ .. නිල තල , බලය තනතුරු සමහරවිට මුදල් කියලත් අපිට හිතන්න පුලුවන්..ඉතින් කොළඹ අහස කලු කරගෙන තවත් වැස්සක් එන්න හදනකොට වැසි දෙකකට මුහුණදීලා ඉන්න රචකයාට බයක් දැනෙනවා... මේ වෙලාවේ රචකයාට අම්මාවා මතක් වෙනවා.. අම්මා ඉස්සර වගේ මගෙ ලග හිටියනම් තුරුලේ හංගාගෙන මාව වැස්සෙන් ආරක්ශා කරයි කියන හැගීම එනවා .. ඔහු කියනවා වැස්සක් එන්නයි යන්නේ ' ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ' මගේ බලතල මුදල් නැමැති ඔටුන්න ගලවලා පැත්තක දාලා එක පිම්මෙන්ම දුවගෙන එන්නම් ඔබ ගාවට අම්මේ කියලා..රචකයා අහනවා.. මොකක්ද ' මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ..' .. රචකයාගේ අම්මා මේ වෙලාවේ ජීවතුන් අතර නෑ.. නමුත් වැස්ස එනවා පෙනෙනකොට ඒ බව මතක් වෙන්නේ නෑ.. අන්තිමට ගායකයා මෙම කොටස විලාපයක් වශයෙන් ගායනා කරන්නේ ඒකයි .. මට මෙතෙක් හමුවූ අතිශය හැගීම් බර ගීතය තමා මේක.. මෙහි විශේෂ ස්තූතිය රත්න ශ්‍රී මහත්මයාට හිමිවිය යුතුයි .. තව අදහස් තියේනම් කමෙන්ට් කරන්න..

ඇරඹුම
සිංහල ගීතය හරහා වර්ථමාන පරපුරේ සාහිත්‍ය රසාස්වාදය දියුණු කිරීම සහ ඒ තුලින් සිංහල භාෂාවට ආදරය කරන , එය රැකගන්න උත්සාහ කරන සමාජයක් බිහි කිරීම මෙම බ්ලොගය ආරම්භ කිරීමේ මූලිකම පරමාර්ථයයි..
Subscribe to:
Posts (Atom)